ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන තුප්පහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් නොහොත් කුඩු රොෂාන් හා සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ ඔහුගේ සහෝදරයෙකු හා ඥාතීන් පිරිසක් ,සුඛෝපභෝගී වෑන් රථයක් හා මෝටර් රථයක් හෙරොයින් සමග (26) දා රාත්‍රී අත් අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් 10 දෙනෙකු ,කාන්තාවන් 05 දෙනෙකු ,ඔවුන්ගේ දරුවන් 08 දෙනෙකු සිටින බවද පොලීසිය පවසයි.
මෙම පිරිස යුක්තියේ මෙහෙයුම ආරම්භ වනවාත් සමග මට්ටක්කුලිය ප්‍රදේශය අතහැර නුවරඑළිය ප්‍රදේශයට ගොස් එහි දින කීපයක් ගතකර නැවත යුක්තියේ මෙහෙයුම තාවකාලික නවතා ඇති බව දැනගත් පසු මෙහෙයුම නැවත ආරම්භ වන බව නොදැන නැවත මට්ටක්කුලිය බලා පිටත්ව යමින් සිටියදී වරකාපොල පොලීසියේ බුද්ධ් අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රණවංශ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ .
අණතුරුව පොලිස් සුනඛයන් යොදවා අත්අඩංගුවට ගත් වාහන පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා මිශ්‍ර මාවා පැකට් කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන පසුව මෙම පිරිස සම්බන්ධයෙන් දත්ත තොරතුරු පරීක්ෂා කිරීමේදී ඉන් පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු හා කාන්තාවන් 03 දෙනෙකු විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් හා සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් බවට තහවුරු කරගෙන ඇති බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස වෑන් රථය හා මෝටර් රථය වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වරකාපොල පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රණවංශ මහතා ඇතුළු කන්ඩායමක් විසින් වැවැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.



